ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියෝ අපවත් වී වදාළහ.
1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපත ලද උන්වහන්සේ වර්ෂ 1948 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
අපවත්වන විට මහා නා හිමියෝ 88 වැනි වියෙහි පසුවූහ.
මහානායක හිමියෝ පෞද්ගලික රෝහලක්දී අද අලුයම 3.05ට පමණ අපවත් වී වදාළ බව බම්බලපිටිය සිරි වජිරාරාමය නිවේදනය කළේය.