27 C
Colombo
20/01/2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් තැබේ

Share with your friends :

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මෙම ගිවිසුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය ඉදිරියේ අත්සන් තැබිණි.

ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරියේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහා මෙලෙස දෙරට අතර අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා ඇත.

ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විමට අග්‍රාමාත්‍යවරුන් අතර ප්‍රථම හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වන අතර මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහිදී ආර්ථික, ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ, සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශ වි ප්‍රභේද ලබාදීමටත් මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමටත් එකඟත්වය පළකර තිබේ.

තවද, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇතිකරගත් බවය.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා 2022දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවක් ශක්තිමත් කරගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.

Share with your friends :