සමාජ වෙබ් අඩවි සඳහා හා සමාජ මාධ්‍ය සඳහා හෝ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් සඳහා චක්‍ර ලේඛයක් මගින් දැනුම්දී තිබේ.
එසේම එම ආයතනයේම සහෝදර සේවක සේවිකාවන් අතර පවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙසත් එවැනි වැරදි සඳහා දැඩි පියවර ගන්නා බවටත් දැනුම්දී තිබේ. එවැනි වැරදි සඳහා දැඩි විනයානුකූල පියවර ගන්නා බවටත් ඇතැම් විට සේවයෙන් ඉවත් කිරීමට පවා ඉඩ ඇති බවටත් පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබේ.
වර්තමාන පාලනාධිකාරිය මගින් සේවක දීමනා කපා දැමීම්, වැටුප් අඩු කිරීම් ඇතුළු විවිධ කාරනා සේවක සේවිකාවන් අතර කතා බහට ලක්වීම වැලැක්වීම සඳහාත් ඒවා මාධ්‍ය වෙත වාර්තා වීම වැලැක්වීම සඳහා මෙන්ම වෘත්තීය අසාධාරණයන්ට එරෙහිව සේවක සේවිකාවන් ඒකරාශී වීම වැලැක්වීම සඳහාත් පාලනාධිකාරිය මෙම පියවර ගෙන ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරති. මේ නිසා ශ්‍රීලංකන් සේවක සේවිකාවන් තම රැකියාව සම්බන්ධයෙන් දැඩි භීතියකින් පසුවන බව සඳහන්වේ.