විදේශ අමාත්‍යංශයේදී අද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා අතර හදිසි හමුවක් සිදුවී තිබේ. ලබන සදුදා (22) ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ශ්‍රී ලංකවට එරෙහි යෝජනාවට සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්නට මෙම හමුව සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඉන්දීය රජය මේ දක්වාම ඒ සම්බන්ධයෙන් කිසිදු නිල අදහසක් දක්වා නොමැත.
මෙහිදී දෙරටේ කොවිඩ් වසංගත මර්ධනය හා ඒ සඳහා නිෂ්පාදිත ඉන්දියානු එන්නත දෙරටේ ජනතාවට ලබා දීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයම මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.