මියන්මාරයේ හමුදා පාලකයන් විසින් එරට මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. BBC ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු සහ තවත් එරට දේශීය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
අංක තහඩු නොමැති වාහනයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් මෙම මාධ්‍යවේදීන් දෙදෙනා රැගෙන ගොස් තිබේ. අද පැවති උද්ඝෝෂණවලට මියන්මාර පොලීසිය වෙඩි තැබීමෙන් අට දෙනෙකු ඝාතනය කර තිබේ.
මේ වන විට මියන්මාරයේ උද්ඝෝෂණ වලට පොලීසිය වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 232 දෙනෙකු මිය ගොස් තිබේ.
