27 C
Colombo
21/01/2025

පාස්කු ප්‍රහාරයෙන් වූ විපතට යුක්තිය ඉල්ලන කළු ඉරිදා විරෝධතාවය හෙටත්

Share with your friends :

පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් කර යුක්තිය ඉටුවන තුරු අරගලය නවත්වන්නේ නැතැයි ද කාදිනල්තුමෝ කියා සිටිති
කළු ඉරිදාවෙන් ආරම්භ කළේ ගමනක් පමණක් බව කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බව සඳහන් කළහ.මෙම ඉරිදා දිනයේදී දේව මාතා මැදිහත්වීම පතා ජපමාල ධ්‍යානයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද කාදිනල්තුමෝ පැවසූහ.
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ රාගම තේවත්ත පුදබිමෙහි දීය.මෙම දේව මෙහෙය සඳහා අගරදගුරුවරයා ප්‍රධාන ප්‍රමුඛ පූජා ප‍්‍රසාදීන්, කන්‍යා සොහොයුරියන් බැතිමත්තු ආදී පිරිසකට කැඳවමු ලබා ඇත.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඊට සහභාගී වන පිරිස සීමා කර තිබේ.

Share with your friends :