27 C
Colombo
20/01/2025

ප්‍රීතිමත් දර්ශකයේ පළමු ස්ථානය පින්ලන්තයට

Share with your friends :

පින්ලන්තය ලොව ප්‍රීතිමත්ම ජීවිතයක් ගත කල හැකි රටවල් අතරින් පළමු ස්ථානයට සිවු වන වතාවටත් තෝරා ගෙන තිබේ. ලොව ප්‍රීතිමත් දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් සිදුකර තිබේ. එහි දෙවන ස්ථානය ඩෙන්මාර්කයද , තුන්වන ස්ථානය ද ඊළඟ ස්ථාන ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය හා නෙදර්ලන්තය ද හිමි කර ගෙන ඇත. මුල් ස්ථාන දහය අතරට පැමිණ ඇති එකම යුරෝපීය නොවන රට නවසීලන්තයයි.
එක්සත් රාජධානිය පසුගිය වසරේ 13 වන ස්ථානය හිමිකර ගත් අතර මේ වසරේ 18 වන ස්ථානය හිමිකර ගෙන තිබේ.
මෙම තෝරා ගැනීම් සිදු කර ඇත්තේ ලොව රටවල් 149 ක ජනතාවගෙන් ලබා ගත දත්ත අනුවය.
මේ සඳහා මුලික වශයෙන් සමාජ තත්වයන් , සමාජමය සහයෝගය,පුද්ගලික නිදහස ,දල දේශීය නිෂ්පාදනය හා එම රටවල අල්ලස් හා දුෂණ ආදී විවිධ නිර්ණායක පදනම් කර ගෙන තිබේ.
මෙහිදී ලොව වැඩිම අතෘප්තිකර රටවල් ලෙස තොර ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානය,ලෙසතෝ,රුවන්ඩා,බොස්වානා සහ සිම්බාබ්වේ යන රටවල්ය.
පසුගිය වසරේ 18 වන ස්ථානයේ පසුවූ ඇමරිකා එක්සත් ජනපදය මෙවර 14 වන ස්ථානයද පසුගිය වසරේ 94 වන ස්ථානයේ පසුවූ චීනය මේ වසරේ 84 වන ස්ථානයටද පැමිණ තිබේ.
1.පින්ලන්තය
2.ඩෙන්මාර්කය
3.ස්විට්සර්ලන්තය
4.අයිස්ලන්තය
5.නෙදර්ලන්තය
6.නෝර්වේ
7.ස්වීඩනය
8.ලක්සම්බර්ග්
9.නවසීලන්තය
10.ඔස්ට්‍රියාව
ඕස්ට්‍රේලියාව 12 වන ස්ථානයද කැනඩාව 15 වන ස්ථානයද ප්‍රංශය 20 වන ස්ථානයද දිනා ගෙන තිබේ.

Share with your friends :