පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.දින දෙකකටපෙර ඔහු චීනයේ නිෂ්පාදිත සයිනෝ ෆාර්ම් කොවිඩ් එන්නතද ලබා ගැනීමෙන් දින දෙකකට පසුව මෙසේ කොවිඩ් ආසදනයවී තිබේ. ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටී.
68 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018 වසරේ අගෝස්තු මාසයේ පකිස්ථානයේ අගමැති ධුරයට පත් විය.
පසුගිය 10 වැනිදා සිට පකිස්ථානය තුළ කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ නිෂ්පාදිත සයිනෝ ෆාම් එන්නත වැඩිහිටි පුද්ගලයින් සඳහා ලබා දීම ආරම්භ කර තිබිණි.
ශ්‍රීලංකාවේද චීන කොවිඩ් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටින අතර සෞඛ්‍ය බලධාරීන් මේ දක්වා ඊට එකඟතාව දක්වා නොමැත.