අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරෂුට් දෙකක් එකට පැටලී වූ අනතුරින් ගුවන් හමුදා නිලධාරියකු මියගොස් තිබේ.
සිද්ධියෙන් ස්කොඩ්‍රන් ලීඩර් නිලයේ සිටි නිලධාරියකු මියගොස් ඇති අතර සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මියගොස් ඇත්තේ ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක නමැති වීරකෝටුව පල්ලෙපොලළ පදිංචි 34 හැවිරිද අයෙකි. අඩි 8000 උඩ සිට පැරිෂුට් මාර්ගයේ පහළ පැමිණිමේදි පැරිෂුට් දෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත.
