27 C
Colombo
19/01/2025

ලබන අප්‍රේල් වනවිට අන්ලිමිටඩ් ඩේටා ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් සැලසුම්

Share with your friends :

2021 අප්‍රේල් වන විට අනුමත “අසීමිත අන්තර්ජාල සැලසුම්” (Unlimited Data Packages) පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ බව පවසා තිබේ.
මහජනතාව වෙත ලබාදිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත 2021 මාර්තු 1 වනදා වන විට ලබාදෙන ලෙස අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් නිකුත් කර තිබිණි.
ඒ අනුව අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මෙරට සාමාන්‍ය ජනතාවගේ ආදායම් තත්වය සලකා බලන කල මෙරට ඩේටා ගාස්තු ලොව අන් රටවලට වඩා විශාල ලෙස ඉහල මට්ටමක පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
එසේම රාත්‍රී හා දිවා කාල අනුව පැකේජ් බෙදා වෙන් කිරීම නිසා ජනතාවට විශාල අසාධාරණයක් සිදුව තිබේ. එසේම පෙර ගෙවුම් පැකේජ වලට විවිධ ගාස්තු එක කරන බවටද දුරකථන සමාගම් වලට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

Share with your friends :