කොවිඩ් -19 ආසාදිත රෝගීන් 6 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 544 ක්. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 298 ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,651 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.