27 C
Colombo
19/01/2025

චීන එන්නත මෙරට භාවිතය අනුමත කිරීමට ප්‍රමාණවත් තොරතුරු ලැබී නෑ- ඇමතිනි සුදර්ශනී පවසයි

Share with your friends :

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එම තොරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදීම පිළිබඳ සලකාබලන බවද මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය අප්‍රේල් මස මුල් සතියේදී මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවද රජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.
චීනයේ නිෂ්පාදිත එන්නතට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ නැති බවකී ඇමතිවරිය ලක්ෂ 6ක මාත්‍රා මුල් වටයේදී ලැබෙන බව දැනගන්නට ඇතැයිද ඒ ප්‍රදානය භාර ගන්නට හැකිවෙන්නෙ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලැබුණු විට බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වගකීම ජනතාව ආරක්ෂිත සාර්ථක එන්නත් ලබාගැනීම බවද පැවසුවාය.
මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ පසුගියදා සිදු වූ පුටු පෙරලිය, චීන ප්‍රතිශක්තිකරන එන්නත මෙරටට ගෙන්වීම සදහා ඇති ව්‍යාපාරික හදිසියක් නිසා සිදු වන්නක් ද යන්න
සැකසහිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

Share with your friends :