27 C
Colombo
19/01/2025

විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට මෙරටට පැමිණීමේදී නිරෝධායන නීති වෙනස් වෙයි

Share with your friends :

කොවිඩ් එන්නත ලබා ගෙන දින 14 කට පසු ශ්‍රීලංකාවට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් පැය 24 ක කාලයක් තුල PCR පරීක්ෂණයකින් පසු නිවෙස්වලට හෝ නවාතැන් ගන්නා ස්ථානවලට යැවීමටත් කොවිඩ් එන්නත ලබා නොගෙන විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින් හෝටල්වල නිරෝධායනය විය යුතු දින 14 ක කාලය දින හතක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය ප්‍රධානීන් තීරණය කර තිබේ.
එන්නත ලබානොගෙන විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණ පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු වන අතර ඉන් අනතුරුව නිරෝධායනයට යොමු වි හත්වැනි දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමු වියයුතුව ඇත.
එම පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වයිරසය අසාදිත වී නැතැයි තහවුරු වූවහොත් නිරෝධායනය අවසන් කර දින හතකින් තම නිවෙස්වලට යෑමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
නිවෙස්වලට පැමිණිමෙන්ද අනතුරුව ඒ පිළීබඳව සෞඛ්‍ය අංශයන්ට දැනුම් දී නිවෙස්වල දින හතක් නිරෝධායනය විය යුතුය.
විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය නීතී මාලාවක් අද (18) සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර ඇත. මෙම තොරතුරු සඳහන් වන්නේ එම නීතී මාලාවේය.
ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර ඇත.

1. මෙරටට පැමිණෙන ශ්‍රී ලංකික පුරවැසියන්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා ක්‍රමවේදය.

A. නිර්දේශ කළ කොවිඩ් -19 එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ සහ එන්නතකරණ ක්‍රියාවලිය සම්පූර්ණකර සති දෙකකට පසුව පැමිණෙන මගීන්.

1. නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා ලබා තිබිය යුතුය.

2. එම මාත්‍රා ලබා සති දෙකකට පසුව පැමිණිය යුතුය.

3. එන්නත් ලබාගත් බවට වූ සහතිකය ගුවන්තොටුපලේ දී එහි සිටින සෞඛ්‍ය නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය.

4. පැමිණෙන මගීන් ව රජය විසින් නියමිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යා යුතුය.

5. පැමිණ පැය 24ක් ඇතුළත රජයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ස්ථානයකින් PCR පරීක්ෂණයක් කළ යුතුය.

6. PCR පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් යැවිය හැකිය.

7. නිවසට යාම සඳහා ප්‍රවාහන පහසුකම් අදාළ පුද්ගලයා විසින් සකසා ගත යුතුය.

8. නිවසට පැමිණීමෙන් අනතුරුව ඒ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනුම් දිය යුතුය. ඒ බව දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් දැනුම්දීම කළ හැකි අතර අවශ්‍ය වුවහොත් නිරෝධායන මධ්‍යස්ථානය නිකුත්කළ ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.

9. PCR වාර්තාවෙන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වූ එවැනි මගින් සඳහා නැවතත් නිරෝධායනය වීම අනවශ්‍යය.

10. එවැනි පුද්ගලයින්ගේ තොරතුරු ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් පළාත් වසංගත රෝග ප්‍රධානියාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත විද්‍යුත් තැපෑලෙන් යැවිය යුතුය.

11. මෙරටට පැමිණි සියලු දෙනා දින 7කට පසුව නැවතත් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

12. යම් රෝග ලක්ෂණයක් හෝ ස්වසන ආබාධයක් මතුවුවහොත් ඒ පිළිබඳව හැකි ඉක්මණින් ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැන්විය යුතුය.

13. සියලුම PCR පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැන්විය යුතුය.

14. PCR පරීක්ෂණ වාර්තාව අනුව ආසාදිත බවට තහවුරු වුවහොත් ඒ ගැන ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ව දැනුවත් කළ යුතු අතර පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

Share with your friends :