සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංගීතය හා අණුක ජීව විද්‍යාව පදනම් කරගත් අපූරු සංගීත චිකිත්සක පර්යේෂණයක්
අතොරක් නැතිව ප්‍රශ්න වල හිරවෙලා ඉන්න අපි හැමවෙලේම සහනයක් හොයනවා. කුමක් හෝ ගැලවීමක් සොයනවා, ඒ අතර වාරේ අතරවාරේ ඉතාම සුළුතරයක් මුළු ලක්වාසීන්ට ම, ලෝක වාසීන්ට ම සහනයක්, ගැලවීමක් ලබා දෙන්න පුළුවන් පුලුවන් ක්‍රම හොය හොය සැහෙන්න ප්‍රරිශ්‍රමයක් දරමින් ඉන්නවා
ඉතිං, අද දවසේ අප සමග සාකච්ඡාවට විශේෂ කෙනෙක් හමු වුණා. ඉතාමත් කාර්ය බහුල මොහොතක අප හා අද දින සම්මුඛ වන්නේ, ප්‍රවීණ වයලීන වාද්‍යශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙස අප කවුරුත් හඳුනන, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වාද්‍ය නිපුන්, ආචාර්ය රුවින් ඩයස් මහතා.
ප්‍රශ්නය : අපට දැනගන්නට ලැබුණා ඔබ වෙනස්ම විදිහේ ව්‍යාපෘතියක මේ දවස්වල නිරත වෙලා ඉන්නවා කියන එක. මොකක්ද මේ ව්‍යාපෘතිය ?
පිළිතුර : අපි මේ දිනවල සංගීත චිකිත්සාව පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක යෙදී සිටිනවා.
ප්‍රශ්නය: ඇත්තටම එක එක ජාතියෙ චිකිත්සා පිළිබඳව අපි අසා තිබෙනවා හැබැයි සංගීත චිකිත්සාව කියන වචනය ඇහුවේ අද. මොකද්ද සංගීත චිකිත්සාව කියන්නෙ කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
පිළිතුර : සරලව කිව්වොත් රෝග වලින් යම් සහනයක් ලබාගැනීමට සංගීතය භාවිතා කිරීම ශරීරයේ පවතින ගොඩක් බෝ නොවන රෝගවලට එනම් ඉංග්‍රීසියෙන් කිව්වොත් Non Communicable Diseases වලට හේතු වන ප්‍රධාන සාධකයක් තමයි මානසික ආතතිය. මෙය බොහෝ පර්යේෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. ඉතින් මෙහිදී සිද්ධ වෙන්නෙ, රෝගියකුට සංගීතය ඇසීමට සලස්වලා එමඟින් ඔහුගේ මානසික ආතති මට්ටම අඩු කර ඒ හරහා ඔහුගේ ශරීරයේ සිදුවන හිතකර අභ්‍යන්තර ක්‍රියාවලි මගින්, රෝග සඳහා සහනය ලබාගැනීමට උත්සාහ කිරීම.
ප්‍රශ්නය : ඔබ කරන මේ ව්‍යාපෘතිය ගැන යම්කිසි විස්තරයක් සඳහන් කළොත්
පිළිතුර : මෙම ව්‍යාපෘතිය ලෝක බැංකුවේ AHEAD ව්‍යාපෘතියේ මූල්‍ය අනුග්‍රහය මත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මුලික කර ගෙන සිදුවන්නක්. මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2018 වර්ෂයේ අග භාගයේ.මෙහිදී මා විසින් මෙම පර්යේෂණය සඳහාම නිර්මාණය කරන ලද චිකිත්සීය ගුණය ඇති සංගීත ඛණ්ඩ (Music Therapy Tracks) භාවිතා කර, ඒවා කොළඹ ජාතික රෝහල මුලික කරගත් සායනික රෝගීන්ට ලබා දී, ඔවුන්ගේ ශරීරය තුළ සිදුවන ජෛව රසායනික සහ ජෛව අණුක විද්‍යාත්මක වෙනස්කම් ප්‍රමානාත්මකව විශ්ලේෂණය කිරීමට බලාපරොත්තු වෙනවා. එමගින් අපිට ඒ ඒ පුද්ගලයාගේ රුචිය අනුව ඔහු වෙනුවෙන්ම අභිරුචිකරණය (Customization) කරන ලද චිකිත්සාවන් ලබා දීමෙන්, රෝග වලට සහනය ලබා දීමට සංගීතයට ඇති හැකියාව පිළිබඳව විද්‍යාත්මකව ගවේෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රධාන වශයෙන්ම මා සමග මේ ක්‍රියාවලියේදී උරෙනුර ගැටෙන පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් මා මතක් කළ යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා ඇතුළු කණ්ඩායම තමයි ජෛව අණුක විද්‍යාත්මක පර්යේෂණ කොටස් සිදු කරන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් වන, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පණ්ඩුක කරුණානායක මහතා, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උපුල් සෙනරත් මහතා සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයන් වන විශේෂඥ වෛද්‍ය අරෝෂ දිසානායක මහතා සහ විශේෂඥ වෛද්‍ය ආචාර්ය හර්ෂණී රාජපක්ෂ මහත්මිය මෙහි සායනික සහ ජෛව රසායනික අංශයන් වලදී මූලිකත්වය ගන්නවා. විදෙස් මහාචාර්යවරුන් ලෙස මලයාසියාවේ මහාචාර්ය යාප් මහතා සහ මහාචාර්ය වොං යොං මහත්මිය කටයුතු කරනවා. එමෙන්ම මෙම පර්යේෂණයේ මූලික අවධියේ පටන් අද දක්වාම අප සමග සිටින මෙම පර්යේෂණයට විශාල ශක්තියක් වූ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වෛද්‍ය ක්‍රිෂාන්ති ජයරුක්ෂි මහත්මිය විශේෂයෙන් මතක් කළ යුතුයි.
මීට අමතරව අප ව්‍යාපෘතියේදී ඉතාමත් වටිනා බුද්ධිමය සම්පත් දායකත්වයකින් අප හා එක් වන සමාජ විද්‍යාව පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය සහ ජෛව සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ආචාර්ය වාසනා විජේසූරිය මහත්මිය ගෞරවයෙන් සිහිපත් කරනවා.
එමෙන්ම අප සමග පර්යේෂණ සහායකයන් විදියට පශ්චාත් උපාධි හදාරන සිසුන් කිහිප දෙනෙක් මෙම ව්‍යාපෘතිය තුල කටයුතු කරනවා. ඔවුන් නමින් ඉසුරු ලයාන් මෙන්ඩිස්, දිනෙත් සුපසන් පලිහදේරු, සහ දිනුක බණ්ඩාර වාරියගම.
ප්‍රශ්නය: ඔබ මීට කලින් අභිරුචිකරණය එහෙමත් නැත්නම් customization ගැන සඳහන් කරා. මේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?
පිළිතුර : ඔව් මීට පෙර කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා තමන් රුචි කරන සිංදුවක් එනම් තමන් කැමති සංගීතයක් අහනකොට ශරීරයේ හිතකර වෙනස් කම් කිහිපයක් ජෛව අණුක මට්ටමින් සිදු වනවා. නමුත් තමා එතරම් ප්‍රිය නොකරන සංගීතයකට සවන් දීමේදී එම මට්ටමෙන් එම හිතකර ක්‍රියාවලි සිදුවන්නේ නැහැ. එම නිසා සංගීත චිකිත්සාවේදී යොදා ගන්නා සංගීත ඛණ්ඩ අභිරුචිකරණය කට ලක්කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.අප විසින් කරන ලද මූලික පරීක්ෂණයකදී අපි අනාවරණය කර ගත්තා කෙනෙකුගේ සමාජ ආර්ථික මට්ටම සහ වයස සංගීත රුචියට බලපෑමක් ඇති කරන බව.
ප්‍රශ්නය : ඒ කියන්නේ මන්දිරේ ඇහෙන සිංදුයි පැල්පතේ ඇහෙන සිංදුයි දෙකක් කියලාද?
පිළිතුර : ඒ විතරක් නෙමෙයි, වයස් භේදයක් නැතිව හැමෝම Romantic Instrumental (ආදරය දනවන සංගීත ඛණ්ඩ) වලට කැමතියි. එවැනි සංගීත රුචිය සම්බන්ධ සොයාගැනීම් රාශියක් අපි කරනු ලැබුවා. එම සොයාගැනීම් පදනම් කරගෙන තමයි මම සියලු ජනකොටස් නියෝජනය වන පරිදි මෙම සංගීත චිකිත්සක තනු මා විසින් නිර්මාණය කරනු ලැබුවේ.
ප්‍රශ්නය : මේ වගේ අලුත් අදහසක් එකපාරම ඔබට ආවේ කොහොමද ?
පිළිතුර : ඒක හරිම සුන්දර කතාවක්.
මම, වෛද්‍ය ඩිලාන් සතරසිංහ සහ වෛද්‍ය ක්‍රිෂාන්ති ජයරුක්ෂී මහත්මිය මැලේසියාවේ එකම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරුවේ (2012-2015). ඒ කාලේ මමත් ඩිලාන් සතරසිංහ මහතා සහ ක්‍රිෂාන්ති මහත්මිය එකම නිවාස සංකීර්ණයක සිට තමා අධ්‍යයන කටයුතුවලට සහභාගි වුණේ. ඒ කාලයේදී අධික වැඩ රාජකාරි ඉවර වෙලා මහන්සියෙන් ආපසු නවාතැනට ආවිට මම වයලීනය වාදනය කිරීමට පුරුදු වී හිටියා. ඉතිං ඒ වෙලාවට ඩිලාන් සහ ක්‍රිෂාන්ති ඇවිත් අහගෙන ඉන්නවා. ඔවුන් එයට ඉතාම ආශා කරා. ඔවුන් ඒ කාලයේ දී මට කිව්වා මෙම සංගීතයට සවන් දීම ඔවුන්ගේ දවසේ වැඩ වලින් හෙම්බත් වුනු මනසට සුවයක් ගෙන දෙන බව. ඉතිං ඒ කාලෙම මගේ හිතේ ඇතිවුනා මේ අදහස. සංගීතය විශ්ව භාෂාවක්. එකට පුළුවන් අපි හැමෝටම කතා කරන්න.. මට හිතුනා මේක මුළු රටටම ලෝකෙටම දෙන්න පුළුවන් දෙයක් කියන එක. මේ අදහස මමයි ඩිලානුයි ඒ කාලේ සැහෙන්න සාකච්ඡා කලා.
ඉතින් ආචාර්ය උපාධිය ඉවර කරලා ලංකාවට ආවට පස්සේ, 2018 වසරේ මැද, එක්තරා දිනෙක මගේ මිතුරන් වන ඩිලාන් සහ ක්‍රිෂාන්ති අහම්බෙන් මට මුණ ගැසුනු වෙලාවක මේ ගැන නැවත කතාවක් ඇතිවුනා. අපි පොඩ්ඩක් කතා කරා මේක කරන්න පුළුවන් ප්‍රයෝගික ක්‍රම ගැන එතනින් පස්සෙ තමයි අපි දෙන්නා විද්‍යාවයි සංගීතයයි එකතු කරල මේ වැඩේ කරන්න එකතු උනේ. ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නවා කලාව සහ විද්‍යාව කියන්නේ, එකට වැඩ කරන්න බැරි අංශ දෙකක් කියලා. හැබැයි අපි මේ ව්‍යාපෘතියේදී රටට පෙන්නන්න හදන්නේ කලාව සහ විද්‍යාව එකතු උනාම ලෝකයේ උන්නතිය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් බව.
ප්‍රශ්නය : ඔබ ඒ කාලෙ දැක්ක හීනය අද යථාර්ථයක් බවට පත්වෙලා තිබෙනවා නේද?
පිළිතුර : යථාර්ථයක් බවට පත් වන්නේ මෙම චිකිත්සක ක්‍රමය ප්‍රධාන ධාරාවේ චිකිත්සක ක්‍රමයක් විදියට ලංකාවේ මුල්බැස ගත්‍තට පස්සේ තමා. මෙම ව්‍යාපෘතියට සමගාමීව අපි විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළ, සංගීත චිකිත්සාව මුලික කරගත් අංග සම්පුර්ණ නවතම ශබ්දාගාරයක් මේ වනවිට ඉදිකරමින් පවතිනවා.
ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අණුක ජීව විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා අංග සම්පූර්ණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමටත් ආචාර්ය
වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා මූලිකව අපිට හැකිවුනා. අපේ ව්‍යාපෘතිය හරහා මෙම පර්යේෂණයට මිලදී ගත් නවතම qPCR යන්ත්‍රය, පසුගිය කාලයේ සිටම කොරෝනා වෛරස සාම්පල පරීක්ෂා කිරීම් සඳහා විශාල දායකත්වයක් සපයනු ලබනවා.
ප්‍රශ්නය : ව්‍යාපෘතිය අවසානයේ ඔබ බලාපොරොත්තු වන අරමුණු මොනවාද ?
පිළිතුර : සංගීත චිකිත්සාව, ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රචලිත කිරීම සහ, තවත් දියුණු කිරීම මගින් ආදේශක හා පරිපූරක ප්‍රතිකර්ම ක්‍රමයක් ලෙස මෙය භාවිතා කෙරෙනා තැනට පත් වනු දැකීමයි මගේ අරමුණ.
එදාට වඩාත් සුවැති හා මානසික ආතතිය අඩු සමාජයක් බිහිවේවි….
එමෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත චිකිත්සාව පාඨමාලාවක් වශයෙන් ආරම්භ කිරීමට වර්තමාන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මහතා ගේ සහාය ද ඇතිව බලාපොරොත්තු වෙනවා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට, එහි උපකුලපතිවරයාගේ පටන් සංගීත පීඨයේ අභිනව පීඨාධිපතිවරයාට, මෙම කර්තව්යය සඳහා නන් අයුරින් අතහිත දෙන සංගීත සහ සෙසු පීඨවල ආචාර්ය මහාචාර්යවරුන් සෑම දෙනාටම, හිටපු උපකුලපතිවරුන් සහ හිටපු පීඨාධිපතිවරුන්ට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ එම විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මට උදව් කළා
මීළඟට විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතියට මූල්‍ය අනුග්‍රහය ලබාදුන් ලෝක බැංකුව සහ එහි AHEAD ව්‍යාපෘතිය මූලිකව කටයුතු කරන මහාචාර්ය තුසිතා අබේතුංග මහත්මිය, ආචාර්ය හර්ෂ අතුරුපාණ මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය, මුල්‍ය හා ප්‍රසම්පාදන කටයුතු වලදී අප ලඟින්ම උරෙනුර ගැටුනු ආචාර්ය අනූශා ජයසිරි මහත්මිය, සහ සහ එම කණ්ඩායමට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී , මුල්‍යාධිකාරි, ප්‍රධාන ඉංජිනේරු මහත්මා ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලයට හිමිවිය යුතුයි.
එමෙන්ම මෙම සංගීත නිර්මාණ පටිගත කිරීම් සඳහා, දිවයිනේ දක්ෂතම වාද්‍ය ශිල්පීන් රැසක් දායක වුණා. තව සහභාගී කරවා ගැනීමටද ශිල්පීන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියළුම දෙනාට මාගේ හද පිරි කෘතඥතාවය පල කර සිටිනවා. අවසාන වශයෙන් මේ හැම දෙයක්ම සාමූහික වැඩ. මෙම පර්යේෂණයේ යම් සාර්ථකත්වයක් වේ නම් එහි ගෞරවය මේ සඳහා සුළුවෙන් හෝ දායක වූ සෑම සියලු දෙනාටම මම පිරිනමනවා.
වමේ සිට, දිනෙත් සුපසන් පලිහදේරු, ආචාර්ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ, ආචාර්ය රුවින් ඩයස්, විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක, විශේෂඥ වෛද්‍ය අරෝෂ දිසානායක, විශේෂඥ වෛද්‍ය හර්ෂණී රාජපක්ෂ, ආචාර්ය ක්‍රිශාන්ති ජයරුක්ශි, ඉසුරු ලයාන් මෙන්ඩිස්