27 C
Colombo
18/01/2025

සති තුනකට අයිස්ලන්තයේ භූචලන පනස්දහසක් – ගිනිකඳු පිපිරීම් අතළඟ

Share with your friends :

පසුගිය සති තුනක කාලය තුල අයිස්ලන්තයේ භූමිකම්පා 50,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී තිබේ.
මීට හේතුව ගිනි කඳු විධාරණය වීමක් සිදුවෙමින් පැවතීම බව භූ විද්‍යාඥයින්ගේ මතය වී තිබේ.
සාමානයෙන් අයිස්ලන්තයේ භූකම්පන සිදුවන නමුත් මේ ආකාරයට දහස් ගණනින් භූකම්පන සිදුවන්නේ නැත.
නිරන්තරයෙන් සිදුවන මේ භූමිකම්පා හේතුවෙන් අයිස්ලන්ත වැසියනට මේ දින වල නින්දට යාමද ගැටළුවක් වී තිබේ.
මේ වසරේ පෙබරවාරි 24 වැනිදා සිට මේ තත්වය ඇතිවී තිබේ.
යුරේශියානු හා උතුරු ඇමරිකානු භූතල අතර අයිස්ලන්තය පිහිටා තිබේ.
මෙම භූමිකම්පාවලින් සමහරක් ඒකක 5.7 ක් තරම් ප්‍රබල වන අතර ඇතැම් ඒවා ප්‍රබලත්වයෙන් අඩුය.

Share with your friends :