27 C
Colombo
19/01/2025

රජය මිලට ගෙන ඇති වී තොග දින තුනකට රටට ප්‍රමාණවත්

Share with your friends :

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වී තිබේ. තරගකාරී ලෙස වී මිලදී ගැනීම සඳහා රජය ඊට අදාළ නිලධාරීන්ට තරගකාරී මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සඳහාද ඉඩ ලබා දුන්නද වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට හැකිවී ඇත්තේ මෙට්‍රික්ටොන් 15,000 ක් වී මිලදී ගැනීමට පමණි. එය මෙරට ජනතාවට දින තුනක පමණ කාලයක් සහල් සැපයීමට ප්‍රමාණවත් වී තොගයකි.
මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 32කට ආසන්න වන අතර ඉන් සියයට 10ක් හෙවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් රජය විසින් වී මිලදී ගැනීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත්, රජයේ සහතික මිල අභිබවා යමින් පෞද්ගලික අංශය තරගකාරී ලෙස වී මිලදී ගැනීම නිසා ගොවීන් රජයට වී ලබාදීමට ඉදිරිපත් වී නැත.
රජය මේ වන විට මිලදී ගෙන ඇත්තේ මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණයෙන් සියයට 5 ක් වැනි අඩු ප්‍රතිශතයකි.
වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගත් වී තොග සහල් බවට පත්කර උත්සව සමයේදී සතොස මගින් සහතික මිලට ලබාදීමට නියමිතය.

Share with your friends :