27 C
Colombo
19/01/2025

දහඩිය තුළ COVID-19 හඳුනාගත හැකි තායි සුනඛයින්

Share with your friends :

මිනිස් දහඩියෙහි COVID-19 හඳුනා ගැනීම සඳහා තායිලන්තය ස්නයිෆර් සුනඛයින් පුහුණු කර තිබෙනවා, පුහුණු කටයුතුවලදී 95% කට ආසන්න ප්‍රමාණයක් නිවැරදි බව ඔප්පු කර ඇති අතර තත්පර කිහිපයකින් කාර්යබහුල ප්‍රවාහන මධ්‍යස්ථානවල කොරෝනා වයිරස් ආසාදන හඳුනා ගැනීමට මෙම සුනඛයින් භාවිත කළ හැකි බව එම නියමු ව්‍යාපෘතියේ ප්‍රධානියා පවසනවා.
ව්‍යාපෘතිය සඳහා මාස හයක කාලයක් ගත වී තිබෙනවා. “සුනඛයින්ට වෛරසය හඳුනා ගැනීමට ගත වන්නේ තත්පර එකක් හෝ දෙකක් පමණි” යැයි ව්‍යාපෘතියේ ප්‍රධානී මහාචාර්ය කයිවාලි චැට්රොන්ග් සඳහන් කළා. විනාඩියක් ඇතුළත මෙම සුනඛයින්ට සාම්පල 60 ක් හරහා යාමට හැකියි. COVID-19 රෝගීන්ගේ දහඩියෙහි ස්‍රාවය වන වාෂ්පශීලී කාබනික සංයෝගයක් මගින් සුනඛයින්ට මෙය හඳුනාගත හැකි බවද සඳහන්.
අනාගතයේ දී, මෙම පුහුණුවකින් යුත් සුනඛයින් ගුවන්තොටුපලවල් සහ වරායන් වෙත යවන විට, මගීන් විශාල වශයෙන් පැමිණෙන විට, උෂ්ණත්ව පරීක්ෂාවන්ට වඩා ඔවුන් වෛරසය හඳුනා ගැනීමේදී වඩා වේගවත් හා නිරවද්‍ය වනු ඇති බවද එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කරනවා.

Share with your friends :