27 C
Colombo
19/01/2025

ඩුබායි,අබුඩාබි,සාජා UAE ශ්‍රීලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා කම්කරු අමාත්‍යංශය වැඩට බසී

Share with your friends :

එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කර ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා මගින් එරට බලධාරීන් සමග කම්කරු අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර තිබේ.එක්සත් අරාබි එමිර් රාජයට අයත් ඩුබායි, අබුඩාබි ,සාජා, අජ්මාන්,ෆුජයිරා හි ශ්‍රී ලාංකිකයෝ දහස් ගනනක් සේවය කරති.
දිනකට පැය අටක්වත් නිදාගැනීමේ අවස්ථාව, සතියකට දිනයකවත් විවේකයක්, ගුවන් ගමන් බලපත්‍රය ඇපයට නොගැනීම, ශ්‍රමිකයාට ජංගම දුරථනයක් තබාගැනීමේ අවස්ථාව, ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමකට වැටුප බැර කිරීම සහ ශ්‍රමිකයාට සිය ආහාර පිළියෙළ කරගැනීමේ අවස්ථාව වැනි පහසුකම් මෙහිදී ඉල්ලාසිටීමට නියමිතය.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මල්රාජ් ද සිල්වා මහතාය.
කොරෝනා වසංගතයෙන් විවිධ අපහසුතාවන්ට ලක්ව සිටින ශ්‍රීලාංකියන්ගේ දුක සැප සොයා බැලීම සඳහා තානාපතිවරයා දිවා රාත්‍රී නොබලා මේ වන විට කටයුතු කරමින් සිටින බව එරට තානාපති කාර්යාලය පවසයි.

Share with your friends :