ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධි තුනකදී ආසියානු සම්භවයක් ඇති කාන්තාවන් හය දෙනෙකු ඇතුළු අට දෙනෙකු ඝාතනයවී ඇත. සම්භාහන මධ්‍යස්ථාන තුනක මෙම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ 21 හැවිරිදි ඇමරිකානු තරුණයකු විසිනි.
මියගිය පිරිසෙන් සිවු දෙනෙකු දකුණු කොරියානු සම්භවයක් ඇති කාන්තාවන් බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ.
ජෝර්ජියාවේ ආසියානුවන් ලක්ෂ පහක් ජීවත්වන අතර එය එහි ජනගහනයෙන් සියයට හතරකට වැඩි ප්රමාණයකි.
ඇමරිකාවේ මේ වන විට ආසියානු සම්භාවයකති ඇමරිකානුවන් ලක්ෂ 210 කට වැඩි පිරිසක් ජීවත්වෙති.
ඒ අතර ඉන්දියාව,චීනය, පිලිපීනය,වියට්නාමය, දකුණු කොරියාව හා ජපානය යන රටවලින් පැමිණි පිරිස් වැඩි වශයෙන් සිටිති.