මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ඉස්ලාමීය ගරිල්ලන් විසින් එරට වයස අවුරු 11 ක් තරම් ලාබාල වයසේ දරුවන් ගෙල සිඳ මරා දමන බව Save the Children ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.
2017 වසරේ සිට මේ දක්වා එරට ඉස්ලාමීය අන්තවාදී ගරිල්ලන් විසින් 2500 කට වැඩි සිවිල් වැසියන් පිරිසක් ඝාතනය වී තිබේ.
මෙහිදී එක් මවක් තම දොළොස් හැවිරිදි වැඩිමහල් දරුවා තම ඉදිරිපිටදී ඝාතනය කල අයුරු එම සංවිධානය සමග පවසා තිබිණි.
තවත් මවක් පවසා තිබුනේ තම එක්ප්ලොස් හැවිරිදි පුතු ඝාතනයට ලක්වීමෙන් පසු සෙසු දරුවන් තිදෙනා රැගෙන ගම්මානයෙන් පලා ගිය බවයි.
මේ වන විට මෙම ගරිල්ලන්ට බියෙන් ලක්ෂ හතකට වැඩි පිරිසක් තම ගම්බිම් අතහැර පල ගොස් තිබේ.
previous post