27 C
Colombo
19/01/2025

“නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවට

Share with your friends :

“නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික අවබෝධයක් දරුවන්ට ලබා දීම මෙහි අරමුනයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව නීතිය පිළිබඳව බොහෝ දෙනෙකු තුල පැවතියේ අසා දැනගත් හෝ පොත්පත් කියවා ලබා ගත දැනුම පමණකි. මේ නිසා සමාජයේ බොහෝ දෙනෙකු තුල රටේ සාමාන්‍ය නීතිරීති පිලිබඳ පවා ඇති දැනුම ඉතාම අඩු විය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලනා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී ඒ සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය මහත්ම මහත්මීහු මෙහි සාමාජිකත්වය දරති.

Share with your friends :