27 C
Colombo
18/01/2025

ඉවතලන ආහාර අපද්‍රව්‍ය වලින් ජෙට් ඉන්ධන – කාබන් විමෝචනය 165% කින් අඩුවෙයි

Share with your friends :

ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය භාවිතයෙන් ජෙට් ඉන්ධන නිපදවීම ආරම්භ කිරීමත් සමග ගුවන් යානා පියාසර කිරීමේදී සිදුවන කාබන් විමෝචනය ශීග්‍රයෙන් අඩුවී තිබේ.
මේ වන විට ඉවතලන ආහාර ද්‍රව්‍ය භාවිතයෙන් මීතේන් වායුව නිපදවනු ලබයි. එහෙත් ආහාරමය අපද්‍රව්‍ය භාවිතයෙන් පැරෆින් වර්ග නිපදවා ඒවා ජෙට් ඉන්ධන ලෙස භාවිත කිරීමේ ක්‍රමවේදයක් ඇමරිකානු පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබේ. මේ ක්‍රමය යටතේ පොසිල ඉන්ධන භාවිත කරනවාට වඩා කාබන් විමෝචනය 165 % ක ප්‍රමාණයකින් අඩුවේ.
සාමාන්‍යයෙන් වර්ෂයකට ඇමරිකානු ගුවන් සමාගම් ජෙට් ඉන්ධන ලීටර් මිලියන 21,000 ක් වසරකට භාවිත කරයි. මෙය මෙම සියවස මැදදී දෙගුණයක් වෙතයි බලාපොරොත්තු වන අතර මේ නිසා ඒ වන විට කාබන් විමෝචනය සියයට පනහකින් අඩු කල යුතුව තිබේ.

Share with your friends :