27 C
Colombo
19/01/2025

ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම ගැන යුරෝපා රටවල් මත දෙකක

Share with your friends :

යුරෝපයේ රටවල් ගනනාවක් ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා තිබියදී තවත් රටවල් ගණනාවක් එය දිගින් දිගටම ලබා දෙමින් සිටිති.
එන්නත් ලබා දුන් රෝගීන් කීප දෙනෙකුගේ රුධිරයේ කැටි ගැසීම් ඇතිවීම නිසා රටවල් කීපයක් එය ලබා දීම නතර කරන ලදී. ප්‍රංශය,ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය,ඩෙන්මාර්ක්,නොර්වේ, අයිස්ලන්තය,සයිප්‍රස්,ලැට්වියාව හා ස්වීඩනය මේ වන විට ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා ඇත.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ආරක්ෂිත බවත් ඒ මගින් රුධිර කැටි ගැසීම් සිදුවූ බවට සාක්ෂි නොමැති බවත්ය.
මේ වන විට එක්සත් රාජධානියේ ලක්ෂ 110 කට අදාළ එන්නත ලබා දී ඇති අතර ඒ අතරින් කිසිවකුට එවැනි තත්වයක් උදාවී නැතැයිද පැවසේ.

Share with your friends :