27 C
Colombo
18/01/2025

අවශ්‍යනම් සහල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අවසරය

Share with your friends :

වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අවශ්‍ය වුවහොත් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට කටයුතු කරන බව පසුගිය දිනවලදී ඇමතිවරුන් ප්‍රකාශ කල අතර එවැනි තොගයක් සරිලන්නේ සති දෙකක පමණ කාලයකට පමණි, එහෙත් ඒ තුලින් කිසියම් මිල ඉහළයාමේ අඩුවීමක් බලාපොරොත්තු විය හැක.

මේ අතර වැඩිමිලට අලෙවි කිරීමට අතරමැදියන් වී තොට රැස්කර ඇත්නම් ඒවා රජය මගින් කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගෙන සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්යෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

සහල්මිල අනවශ්‍ය ලෙස ඉහළ යන්නේ නම් වෙළෙඳ ඇමැතිවරයාත් කෘෂිකර්ම ඇමැතිවරයාත් ඒ පිළිබඳව සාකච්ඡාකර වැඩපිළිවෙළක් සකස්කරන්නැයි ද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මේ අතර වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ සහල් ආනයනයට තීරණයක් ගත්තද ඒ සඳහා සති දෙකක කාලයක් ගත වන අතර ආනයනික සහල් කිලෝවක මිලද රුපියල් අනුවක පමණ මිලක් වනු ඇති බවයි.

Share with your friends :