27 C
Colombo
19/01/2025

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට පිහිටුවනවා-සජිත් ප්‍රේමදාස

Share with your friends :

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
2025 වසරේ දී පක්ෂයේ සංවත්සරය සමරන විට සමගි ජන බලවේගය රටේ බලය අතට ගෙන පොදු ජනතාව දිනවීමට කැපවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය .
කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය අමතමින් ඔහු මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු නොවන බවත් ඔහු පොදු ජනතාව දිනවන් අපේක්ෂකයා බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව යටතේ රට සෑම අතින්ම පිරිහීමට පත්ව ඇති බවත් රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා එකට සිට ගැනීමට සියලු කණ්ඩායම් වලට තමන් ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් පැවැත්විණ.
“අභියෝග හමුවේ එකට සිටගමු” යන තේමාවෙන් මෙම සංවත්සර උත්සවය සංවිධාන කර තිබිණි.

මහා සංඝරත්නය ඇතුලූ සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද පූජාවලින් අනතුරුව ජාතික ගීය ගායානා කිරීමෙන් පසු පක්ෂ සංවත්සරය ආරම්භ කෙරිණි.
නැටුම්, ගැයුම්, වැයුම් වලින් සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය අලංකාර වී තිබිණ.

කහ සහ කොළ පැහැති ධජ වලින් හයිඞ් පිටිය සහ ඒ අවට මාර්ග අලංකාර වී තිබිණ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලූ පක්ෂයේ ශාඛා සමිති සහ සියලූම වෘත්තීය සමිති සහ පාක්ෂිකයන් මේ සදහා එක්ව සිටියහ.

පාට, පක්ෂ, මතවාද සහ දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සදහා එකට සිටගැනීමට සියලූ කණ්ඩායම්වලට ආරාධානා කර සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ සංවත්සරය අමතමින් ප‍්‍රකාශ කළේය.

රටේ ජනතාව ජීවත්කරවීමේ මහා දැවන්ත අරගලය දිනා ගැනීමේ සටනට සමගි ජනබලවේගය නායකත්වය දෙන බවත් ඒ වෙනුවෙන් ජීවිතය උවත් පූජා කිරීමට තමන් සූදානම් බවත් විපක්ෂනායකවරයා සදහන් කළේය.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප‍්‍රධානී හරීන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලූ පිරිසක්ද රැුස්ව සිටි ජනතාව අමතනු ලැබීය.

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, සමගි ජනබලවේගයේ පක්ෂ නායකයින් වන රාජිත සේනාරත්න , පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, හරීන් ප‍්‍රනාන්දු, කුමාර වෙල්ගම,, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක සහ ජලනි පේ‍්‍රමදාස යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Share with your friends :