27 C
Colombo
20/01/2025

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ජාත්‍යන්තර සහය ඉල්ලයි

Share with your friends :

මියන්මාරයේ හමුදා පාලනය අවසන් කර යලිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.මෙම මහජන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හමුදා පාලකයන් විසින් බලයෙන් පහකරන ලද රජයේ දැනට සැඟව සිටින නායකයන් පිරිසකි.
මෙම පිරිස ඒ සඳහා ජාත්‍යන්තර සහය ඉල්ලා ඇති අතර ඔවුන් තවදුරටත් සෙසු රටවලින් ඉල්ලා සිටින්නේ මියන්මාරයේ නිල රජය ලෙස තම සංවිධානය පිළිගන්නා ලෙසය.
මේ අනුව යම් ලෙසකින් සෙසු රටවල් එම සංවිධානය පිළිගත හොත් ඒ අනුව හමුදා පාලකයන් සමග සම්බන්ධතා පැවැත්වීම අනෙකුත් රටවල් සිදු නොකරනු ඇත.
දැනටමත් ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් හමුදා පාලනය පිලි නොගන්නා බව ප්‍රකාශ කර ඇති අතර හමුදා පාලකයන්ට නිල නොවන වශයෙන් හෝ සහයෝගයක් ඇති බව පැවසෙන්නේ චීනයෙන් පමණි.

Share with your friends :