කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන දෙකක් අතර මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි මුදල් අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කල හැක.
මෙවැනි චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර මේ හේතුවෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට අත්තනෝමතික තීරණ ගත හැකි තත්වයක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය පවසන්නේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට මෙම නව පියවර ගත් බවය.