ඇමරිකා එක්සත් ජනපදයේ නව බයිඩන් පරිපාලනය උතුරු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට ගත උත්සාහයන් අසාර්ථකවී තිබේ.
ඒ ඇමරිකාවේ ලබා දුන් පණිවිඩ කිසිවකට උතුරු කොරියාව ප්රතිචාර නොදැක්වීම නිසාය.
ඇමරිකා එක්සත් ජනපදයේ නව පරිපාලනය එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු තානාපති කාර්යාලය හරහාද උතුරු කොරියාව සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සහ ගත්තද තවමත් ඔවුන් ඊට ප්රතිචාර දක්වා නොමැත.
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් හා උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡා වට කීපයක් පැවැත්වුනද ඒවා ද අතරමැද නතරවිය.