ඉන්දියාව හා එංගලන්තය අතර අහමදාබාද් හිදී පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් ලබා ගන්නට ඉන්දියාව සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලකුණු 164 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම ඕවර 17.5 කදී කඩුලු තුනක් දැවී ලකුණු 166 ක් ලබා ගත්හ.