පසුගිය දිනවල කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබේ.
කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසමින් තිබු කතරගම පුදබිම සහ මැණික් ගඟ දෙපස කුඹුක් ගස් මෙසේ කපා ඉවත් කර ඇත.මේ හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් සහ ප්රදේශවාසීන් දුෂ්කරතාවයට පත්ව සිටින අතර ඉන් ප්රදේශයේ පවතින ජල මූලාශ්රවලට ද එයින් බලපෑමක් ඇති වියහැකි බව ප්රදේශවාසීහු පෙන්වා දෙති.එලෙස කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්ර වී පවතී.