විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කරගෙන යයි.
මේ සඳහා අවශ්‍ය කරුණු වහාම සොයා බලන ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් වෙත දැනුම්දී තිබේ.
කොවිඩ් එන්නත ලබා ගෙන පැමිණෙන පිරිස් නිරෝධයනයෙන් නිදහස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් මාර්ගෝපදේශන නිකුත් කර තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් හෝටල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානයන් හි දින 14ක් නිරෝධායනයට යොමු කෙරුණු අතර මෙම දිගු නිරෝධායනය තමන්ට දැඩි පීඩාවක් හා විශාල වියදමක් බව පවසමින් ලොව පුරා රටවල ශ්‍රීලාංකික ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල විය.