රට පුරා තැනින් තැන ලාෆ් ගෑස් හිඟයක් ඇතිවී තිබේ. මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී ලාෆ් ගෑස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ මහතා පැවසුවේ ගෑස් හිඟය යම් යම් ස්ථාන කීපයක පමණක් පවතින බවත් වර්තමාන මිලට ගෑස් සැපයීම අසීරු කාරණයක් බවත්ය.
මේ වන විට කිලෝග්රෑම් 12.5 ක සිලින්ඩරයක් රුපියල් 640 කින් වැඩි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා ඇති බවද එය ලබා නොදුන හොත් සමාගම් කර ගෙන යා නොහැකි බවද ඔහු සඳහන් කළේය. දැනට ගෑස් අඩු මිලට විකිණීම නිසා රුපියල් මිලියන 1500 ක් පාඩු ලබා ඇතැයිද මෙය දරා ගැනීමට බැරි බවද කුඩාබාලගේ මහතා පැවසීය.
previous post