බොලීවියාවේ හිටපු අන්තර්වාර ජනාධිපතිනි ජෙනීන් ආනේස් සහ ඇගේ රජයේ ඇමතිවරු ගනනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
2019 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටි එවෝ මොරාලෙස් ට විරුද්ධව කුමන්ත්රණයක් දියත් කල බවට චෝදනා යටතේ ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම අවස්ථාවේ එල්ලවූ මැතිවරණ දුෂණ චෝදනා හේතුවෙන් මොරාලෙස් බොලීවියාවේ සිට ආර්ජන්ටිනාවට පලා ගියේය.
කෙසේ වෙතත් මොරාලෙස් ගේ සමාජවාදී පක්ෂය පසුගිය වසරේ පවත්වන ලද ජනාධිපතිවරණයෙන් හා කොන්ග්රස් මැතිවරණයෙන් ජයගත් අතර ඉන්පසු නැවත මොරාලස් බොලීවියාවට පැමිණියේය.
ආනේස් පවසන්නේ තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීමක් සිදුවන බවයි.