27 C
Colombo
19/01/2025

කොරෝනා අස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප හා රක්ෂණාවරණ වැඩි කර ගැනීමේ උත්සහයක්

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ අනුව දැනට රුපියල් ලක්ෂ දෙකක් වන රක්ෂණාවරණය ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට නියමිතය. මේ සඳහා ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාවෙන් හා ජාතික රක්ෂණ භාර අරමුදලෙන් යෝජනාද කැඳවා තිබේ.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වුවහොත් විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දීමනාවද ඉහළ යන බව සඳහන්ය.
ලොව පුරා රටවල කොරෝනා හේතුවෙන් රජය නායකයන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වැටුප් හා දීමනා ලබා නොගෙන හෝ අඩු කර ගෙන ඒවා කොරෝනා සහන සඳහා යොදවද්දී ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මේ ආකාරයට කටයුතු කිරීම සැලකිය යුතු කරුණකි. මේ වන විට රටේ බහුතරයක් ජනතාව කොරෝනා හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර ලක්ෂ ගණන් පිරිස් ආදායම් අහිමිව සිටින අතර රැකියා කරන පිරිස් පවා වැටුප් හා දීමනා අඩු කිරීම නිසා දැඩි ලෙස අසීරුතාවන්ට පත්ව සිටිති.

Share with your friends :