කොවිඩ් හේතුවෙන් විදේශිකයන් සඳහා රට වසාදමා තිබියදී මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය මගිනුත් ඒ සඳහා Pipe Line නැතහොත් නල එලීම බලශක්ති අමාත්‍යංශය මගිනුත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ඒ සඳහා ජාත්‍යන්තර සමාගම්වලට ඉදිරිපත්වීමේ ඉඩකඩ ඇහිරීයාම සිදුව ඇති අතර එසේ පැමිණියද නිරෝධායනය වීමට සිදුවීම හා නිරෝධායනය සඳහා කල් ගතවීම ආදී හේතු නිසා ඒ සඳහා ජාත්‍යන්තර සමාගම් ඉදිරිපත්වීමේ ගැටළු පවතී. මේ හේතුවෙන් මෙම ටෙන්ඩරය ඒ සඳහා කිසියම් පාර්ශවයකට ලබා දීමට සැලසුම් කල එකක්දැයි සැක මතුවී තිබේ.
මෙවන් ටෙන්ඩරයක් සඳහා ඉදිරිපත්වීමට අවශ්‍ය මුලික ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම හා අදාල පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර සමාගමකට ඩොලර් ලක්ෂ 15 ක් වත් වැය වන බව සඳහන්ය. එසේම ඒ සඳහා ලන්සු බැඳුම්කරය ලෙස තවත් ඩොලර් ලක්ෂ 25 ක මුදලක් අවශ්‍ය වන අතර එතරම් විශාල මුදලක් වැය කර ජාත්‍යන්තර සමාගමක් මෙසේ රට පූර්ණ වශයෙන් විවෘත නොමැති අවස්ථාවක පැමිණීමට විවිධ බාධා පවතී. එසේම එසේ පැමිණියද අදාල ටෙන්ඩරය සඳහා මුහුදේත් ගොඩබිමදීත් පරීක්ෂණ සිදු කර තාක්ෂණ ටෙන්ඩර් යෝජනාවලිය සකස් කල යුතු අතර එවැනි කටයුතු වලට දැනට රටේ පවතින වසංගත තත්වය හා ඊට අදාල නීතිරීති දැඩි බාධාවක්ව තිබේ.
සාමාන්‍යයෙන් විදුලි බලාගාර ටෙන්දරයකදී පවා වසර 20 ක මිලදී ගැනුම් කාලයක් ලබා දෙද්දී FSRU (Floating Storage and Regasification Unit) සඳහා වසර 10 ක කාලයකුත් Pipe Line සඳහා වසර 15 ක කාලයකුත් ලබාදීමද ප්‍රශ්නගතය. එසේම මේ කාරනා දෙක එකිනෙක බැඳී පවතින කාරනා දෙකක වන අතර එකකට වසර දහයකුත් අනෙක සඳහා වසර පහළොවක කාලයකුත් ලබාදීම බරපතල කාරණයකි.
මේ හේතුවෙන් මේ ටෙන්ඩරය සඳහා කීප දෙනෙකු පමණක් ඉදිරිපත්විය හැකි අකාරයේ පරිසරයක් නිර්මාණය වී ඇති අතර විදුලි බල අමාත්‍යංශයේ ඉහලම නිලධාරියකු මෙම ටෙන්ඩරය තමන් කැමති ආයතනයකට ලබාදීමට කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ලවෙමින් තිබේ. මේ නිලධාරියා කලින් විදෙස්ගතව සේවය කල බව පැවසෙන අතර අදාල සමාගම් සමග සමීප සම්බන්ධතා තිබු බවද පැවසේ.
මේ අතර මෙම ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් රුපියල් 15 ක් හෝ ඊට අඩු මුදලකට ලබා දීමට හැකි වන අතර ඒ හේතුවෙන් ඩීසල් විදුලි මාෆියාව මෙය කෙසේ හෝ කඩාකප්පල් කිරීමට හෝ හැකිතාක් කල් දමා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටිති.