ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම වංචාව නිසා ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධියට සම්බන්ධ වැරදිකරුවනට එරෙහිව නීතියානු කූලව පියවර ගන්නැයි ද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.