බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව පරාජයට පත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 274 ක් ලබා ගත්තේ ඕවර 49.4 කදීය.