27 C
Colombo
19/01/2025

විමල් ගැන වහාම තීරණයක් ගන්න – පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලති

Share with your friends :

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ ඇතැම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන බවත් එය මේවනවිට පොදු ජන පෙරමුණේ ස්ථාවරත්වයට බරපතල ලෙස බලපා ඇති අතර වහාම ඔහු සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස ආණ්ඩුපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් හතළිහකට අධික පිරිසක් අගමැතිවරයා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ මෙම පැමිණිල්ල කර ඇත.
මුස්ලිම් අන්තවාදය සමග දීග කෑමට ආණ්ඩුවේම සමහර පිරිසක් සූදානමින් සිටින බවට වීරවංශ මහතා කොළඹදී 9 වැනි දා පැවැති සමුළුවකදී කළැයි කියන ප්‍රකාශය මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල කිරීමට ආසන්නම හේතුයි.
විමල් විරවංශ සමග උත්සවවලට සහභාගී නොවන්නැයි මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.එසේම උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ඇතැම් ප්‍රකාශ ආණ්ඩුවේ පැවැත්මට හානි කර බවද මොවුන් පවසා තිබේ.
“මේ විදියට ගියොත් ආණ්ඩුවත් ඉවරයි. පක්ෂයත් ඉවරයි, මේ අය මේ ආණ්ඩුව විනාශ කරන්න කලින් තීරණයක් ගන්න” යනුවෙන් මන්ත්‍රීවරු කීප දෙනෙකු මේ අවස්ථාවේදී අගමැතිවරයාට දැඩිව පවසා තිබේ.
ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ කාරනා ගැන සාකච්ජා කරන්නට බල සිටියත් මේ දෙදෙනා විවිධ හේතු දක්වමින් එම රැස්වීම මගහරින බවද මෙහිදී මන්ත්‍රීවරු පිරිස අගමැතිවරයාට පවසා ඇත.

Share with your friends :