මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇති බවත් ර් අනුව මීළඟ ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්නා ලෙස සෙසු පක්ෂ නායකයන්ට ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.