27 C
Colombo
19/01/2025

මියන්මාරයේ අදත් සිවිල් වැසියන් හතක් පොලීසියෙන් ඝාතනය කරලා

Share with your friends :

මියන්මාරයේ උද්ඝෝෂණ වලට පොලීසිය ද සිදු කල වෙඩි තැබීම් වලින් තවත් සිවිල් වැසියන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.
මේ අතරින් ඇතැමුන්ගේ හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ.මේ අනුව මේ දක්වා සිවිල් වැසියන් හැත්තෑවකට අධ්ක පිරිසක් පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.
මේ අතර මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ට එරෙහිව හමුදා නායකයන් අභූත චෝදනා ඟ ඇත්තේ ඇය නීති විරෝධී ලෙස ඩොලර් ලක්ෂ හයක් සහ රත්රන් කිලෝ 11 ක් ලැබ ගෙන ඇති බවටය. කෙසේ වෙතත් චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. කෙසේ වෙතත් සුකී ගේ පක්ෂය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාරීන් මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කර තිබේ.
එසේම මියන්මාර හමුදා පාලකයන්ට එරෙහිව ආර්ථික සම්බාධක පනවන්නට රටවල් ගණනාවක් කටයුතු කරමින් සිටිති.

Share with your friends :