27 C
Colombo
20/01/2025

දකුණු අප්‍රිකාවේ “සූලූ” ගෝත්‍රිකයන්ගේ රජු “ගුඩ්විල් ස්වෙලිතිනි” මිය යයි

Share with your friends :

දකුණු අප්‍රිකාවේ “සූලූ” ගෝත්‍රිකයන්ගේ රජු ගුඩ්විල් ස්වෙලිතිනි මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 72 වන වියෙහි පසු විය.
දියවැඩියා රෝගයෙන් උත්සන්න වීම නිසා ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
වසර පනහක පමණ කාලයක් එරට සුලූ ගෝත්‍රයේ රජු වශයෙන් ඔහු කටයුතු කළේය. ඔහු සුලූ ගෝත්‍රිකයන් ලක්ෂ 110 කට රජු ලෙස කටයුතු කල අතර ඔහුට බිරියන් හය දෙනෙකු හා දරුවන් 28 දෙනෙකු සිටිති. ඔහුගේ ගෝත්‍රය දකුණු අප්‍රිකානු ජනගහනයෙන් සියයට 18 ක් වේ. ඔහුගේ දරුවන් 28 දෙනා අතරින් අයකු මීළඟ රජු ලෙස තෝරා ගැනීමට නියමිතය.
අභාවප්‍රාප්ත රජු වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහිත අවමගුල් උත්සවයක් පැවැත්වීමට දකුණු අප්‍රිකානු රජය තීරණය කර තිබේ.

Share with your friends :