27 C
Colombo
24/11/2024

ජුලි 04 වැනිදා ඇමරිකාව කොරෝනාවෙන් නිදහස් කරගන්නා බව ජෝ බයිඩන් පවසයි

Share with your friends :

මේ වසරේ ජුලි 04 වැනිදා වන විට ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ් වසංගතයෙන් නිදහස්වීමට හැකි වනු ඇතැයිද ඒ සඳහා සියලු ජනතාව කොවිඩ් වැක්සීනය ලබා ගත යුතුව ඇතැයිද ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.ඇමරිකානු ජාතික නිදහස් දිනයද යෙදී තිබෙන්නේ එදිනටය.
ඇමරිකානු රජය මගින් එරට වාසය කරන සියලු දෙනා සඳහා කොවිඩ් වැක්සීනය නොමිලේ ලබා දෙනු ලබයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 299 කට අධික පිරිසකට කොවිඩ් වැළඳුනු අතර එයින් මියගිය පිරිස 543,757 කි.

Share with your friends :