නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදුදීම ඇතුළු චෝදනා එල්ලවීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී තිබේ.
ජගත් වික්‍රමසිංහ මහතා වියත් මග සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු විය. කෙසේ වෙතත් ඔහු මේ කටයුතු වලට සම්බන්ධ දැයි මෙතෙක් හෙළිවී නැත.
ගුවන් විදුලි සංස්ථා අධ්යක්ෂ මණ්ඩලය විසින් ගුවන්විදුලි සංස්ථාවේ සංඛ්‍යාත අනුදැනුමකින් තොරව වෙනත් පාර්ශවවලට පවරා ඇතැයි ද පැවසේ.
කෙසේ වෙතත් සංස්ථා සේවකයන් පවසන්නේ මේ චෝදනා ගැන පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව පියවර ගත යුතු බවයි.