27 C
Colombo
20/01/2025

අපචාර චෝදනා නිසා නිව්යෝර්ක් ආණ්ඩුකාර Andrew Cuomo ට තනතුර අහිමිවන ලකුණු?

Share with your friends :

නිව්යෝර්ක් ප්‍රාන්තයේ කොවිඩ් පැතිරයාම පාලනය කරමින් නිව්යෝර්ක් බේරාගත් වීරයා ලෙස මීට මාස කීපයකට පෙර ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ නිව්යෝර්ක් ආණ්ඩුකාර Andrew Cuomo හට තනතුරින් ඉල්ලා අස්වන්නට සිදුවන තත්වයක් උද්ගතවී තිබේ.
ඒ නිව්යෝර්ක් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසවල වල සිදුවූ කොවිඩ් මරණ අඩුවෙන් පෙන්නුම් කිරීම හා කාන්තාවන් හත් දෙනෙකු විසින් ආණ්ඩුකාරවරයා තමන්ට ලිංගික බලපෑම් හෝ ලිංගික අපචාර සිදු කල බවට චෝදනා එල්ලවීම නිසාය.
ලිංගික බලපෑම් චෝදනා එල්ලකළ කාන්තවන් අතර ආණ්ඩුකාරවරයා ගේ කාර්යාලයේ කලින් සේවය කල සේවිකාවන් ද වෙති. අවසරයක් නොමැතිව ආණ්ඩුකාර වරයා තමන් සිප වැළඳ ගත් බවටත් තමන් සමග පෙම් සම්බන්ධතා සහ ලිංගික කරුණු ගැන කතා කරන්නට උත්සහ ගත් බවටත් මේ තරුණියන් ආණ්ඩුකාරවරයාට චෝදනා කර තිබේ. එහෙත් මේ සියල්ල මාසකීපයකට හෝ වසර කීපයකට පෙර සිදුවූ සිදුවීම්ය.තවත් තරුණියක් චෝදනා කර ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ජෙට් යානයේ ගමන් ගනිද්දී ඔහු තමාට ලිංගික බලපෑම් කල බවයි. මේ වන විට ඔහු අයත් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන්ද ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවට ප්‍රකාශ කර තිබේ.
මේ වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් නියෝජිතයන් 55 කට අධික පිරිසක් ආණ්ඩුකාරවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබේ.ආණ්ඩුකාරවරයාගේ නිලකාලය අවසන්වීමට නියමිතව ඇත්තේ 2022 දීය.

Share with your friends :