කොවිඩ් වැළඳුනු ටැනිසනියානු ජනාධිපති ජෝන් මගුෆුලි අසාධ්‍ය තත්වයෙන් කෙන්යාවේ සිට ඉන්දියාවට ගෙන විත් තිබේ. ඔහු මේ වන විට ඉන්දියාවේ රෝහලක කෝමා තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසෙන නමුත් තවමත් කිසිවකු ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.
ජනාධිපතිවරයා මුලින්ම කෙන්යාවේ නයිරෝබි නගරයේ රෝහලකට ඇතුලත් කර තිබු අතර තත්වය තවදුරටත් බරපතල හෙයින් ඉන්දියාවේ රෝහලකට ඇතුලත් කල බව පැවසේ.
