27 C
Colombo
20/01/2025

20 ට එරෙහි නාගානන්දගේ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Share with your friends :

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නම්කර ඇති එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත වන අතර විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 12 වැනිදා සලකා බැලීමට නියමිතය.

20 වන සංශෝධනය සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එමගින් අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි වීම, එක් පුද්ගලයෙකු වටා සියලු බලතල සංකේන්ද්‍රගත වී ඇති බවත් පවසන පෙත්සම්කරු ඒ අනුව ඊට එරෙහිව වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස සිය පෙත්සමින් ඉල්ලා ඇත.

Share with your friends :