අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මාර්තු මස 27 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. කෝට්ටේ ආනන්ද ශ්රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ අතර සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.