27 C
Colombo
26/09/2024

මියන්මාර පොලිස් ඝාතකයන් ඉදිරියට ගිය කන්‍යා සොයුරිය ළමුන් වෙනුවට තමා මරාදමන්නැයි ඉල්ලයි

Share with your friends :

මේ දිනවල මියන්මාර හමුදාව සහ එම පාලනයට විරුද්ධව හඬ නගන උද්ඝෝෂකයින් සමග ගැටුම් සිදුවෙමින් පවතිනවා. එවන් තත්වයක් තුල ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාන්ත කොලොම්බන් දෙව්මැදුර අසල සිදුවීමට ගිය සමූල සංහාරයක් වැලක්වීමට නොබියව හමුදා සෙබළුන් ඉදිරියට පැමිණ මැදිහත්වීමට ඈන් රෝස් නු-ටවුන්ග් කන්‍යා සොහොයුරිය කටයුතු කර තිබෙනවා.45 හැවිරිදි එම කන්‍යා සොයුරිය ඉල්ලා ඇත්තේ ළමුන් මර දමන්න එපා – ඒ වෙනුවට මා මරා දමන්න යනුවෙන් ,
ඉන්පසු තවත් කන්‍යා සොහොයුරියන් දෙදෙනෙක් ඇයට එක්වෙමින් ඉල්ලා ඇත්තේ ළමුන් පසුපස හඹා ගොස් ඔවුන්ට වෙඩි නතබන ලෙසත් අවශ්‍ය නම් තමන් මර දමන ලෙසත් , මේ ආකාරයෙන් කටයුතු කර ජීවිත රැසක් බේරා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මේ වන විට මියන්මාරයේ හැටකට වැඩි නිරායුධ සාමාන්‍ය ජනතාව පොලිස් වෙඩි ප්‍රහාර වලින් ඝාතනය වී ඇත්තේ උද්ඝෝෂණයේ යෙදීම වරදටයි.

Share with your friends :