27 C
Colombo
19/01/2025

වාහන ගෙන්වීමේ තහනම ඉවත්කර ගෙන සීමාවක් ඇතිව වාහන ගෙන්වීමේ උත්සහයක්

Share with your friends :

වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර මේ වන විට වසරක කාලයක් ගතවී ඇති අතර මේ හේතුවෙන් රට තුල අනවශ්‍ය ලෙස වාහන ගොඩගැසීම නතරවී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මීට පෙර සඳහන් කළේ තවත් වසර දෙක හමාරකට ප්‍රමාණවත් වාහන තොග දැනට ලංකාවේ තිබෙන අතර මේ වසර අවසන් වන තුරු වාහන ගෙන්වීමට ඉඩ නොදෙන බවය.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන්ගේ බලපෑම නිසා වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ සීමා සහිතව මෙරටට ගෙන්වීමට අවසර දීමට රජය කටයුතු කර ගෙන යන බව සඳහන්ය.
ඒ අනුව විදේශ විනිමය පාලනයකින් තොරව ගලා යාම පාලනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පැනවීමට නියමිතය. මේ යටතේ වාර්ෂිකව වාහන ආනයනය කල හැකි විදේශ විනිමය කෝටාවක් ආනයන කරුවන්ට ලබා දෙන අතර ඔවුනට වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ එම කෝටාවට පමණි. කෙසේ වෙතත් මේ සඳහා ආනයනකරුවන්ට පමණක් අවසර ලබා දීම තුල සිත්සේ වාහන මිල හසුරුවන්නට අවස්ථාව ඔවුන්ට ලැබේ.

Share with your friends :