පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙනවා. මෙම සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා කෙරෙන අතර අද එහි දෙවන දිනයයි. ඒ අනුව අද දිනයේ දී ද පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිත බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා. ජනාධිපති කොමිශන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිතව තිබේ.අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතයි.කෙසේවෙතත් මෙම විවාදය සදහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළා.